KDU ගැන තීරණය තාවකාලිකයි.ප්‍රශ්නය තියෙන්නේ සීමා වාසික පුහුණුවේ – ඇමති නලින්ද

Date:

කොළඹ LNW:කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබීම සමබන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරන ලද ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරන ලදී.

ඒ අනුව එලෙස සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ සීමා වාසික පුහුණුව ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම ප්‍රශ්නයට කඩිනමින් ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමෙන් අනතුරුව රජයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

”රජයේ විශ්ව විද්‍යාලවල හෝ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හෝ විදේශීය උපාධිධාරීන් එක්සිස්ටින් එක සමත්වෙලා ඉන්න සියලු දෙනා ගැනම වගකීමක් පැවරෙනවා රජයකට උපාධිය වගේම ඉන්ටර්න්ෂිප් එකත් වැදගත්. උපාධිය පමණක් ලබාදීලා එළියට දාලා හරියන්නේ නැහැ. සීමාවාසික පුහුණුව වැදගත්. ඒ පුහුණුව දුන්නට පස්සේ තමයි අපට සහතික කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වෛද්‍යවරයෙක් නිර්මාණය කළා කියන එක. මේ වෙලාවේදී ඔබ දන්නවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. විශේෂයෙන් වෝඩ් සෙටිෆයි කන්සල්ටන්ලගේ. ඒ අයත් එක්ක තමයි සීමා වාසික පුහුණුව කරන්න වෙන්නේ. ඒ නිසා රජයේ විශ්ව විද්‍යාලවලින් එළියට එන කොතලාවලින් එළියට එන සහ විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනාටම සීමා වාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නගිමින් පවතින බව අපට පේනවා. අන්න ඒ නිසා මේකට අදාළ සියලු පාර්ශව එක්ක කරලා යම් විසඳුමකට පැමිණීම සඳහා තාවකාලිකව මේ තීන්දුවට අපි පැමිණිලා තිබෙනවා. අපි ඉතාම ඉක්මනට මේ සීමා වාසික පුහුණුව ගැන ප්‍රශ්නය නිරාකරණය කරගන්න ඕනේ. මොකද මේ සියලු වෛද්‍යවරු රාජ්‍ය යාන්ත්‍රණය හෝ රටේ පවතින යාන්ත්‍රණයට ඇතුළත් නොවුණත් ඒ අය විදේශ රැකියාවට ගියත් වගකීමක් තිබෙනවා අපට උඅප්ධිය සහ සීමා වැසික පුහුණුව සම්බන්ධයෙන්. මේ ගැටලුව තමයි සාකච්ජා කරමින් පවතින්නේ. මේ ගැටලුවට ස්ථිරසාර හොඳ විසඳුමක් ලබාගත්තට පස්සේ තීන්දුව ප්‍රකාශ කරන්න පුළුවන්.” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...