ට්‍රම්ප් පරිපාලනයේ ගිවිසුම් උල්ලංඝනය කිරීම් ගැන චීනයෙන් මැසිවිලි!

Date:

සටහන – පුලී
ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 එක්සත් ජනපදය ඔවුන්ගේ වෙළඳ ගිවිසුම දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවත්, තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවත් චීනය ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේ ජිනීවාහි පැවති සාකච්ඡා අතරතුරදී දෙරට එකිනෙකාගෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු අඩු කළ විට ඇති කරගත් ගිවිසුම නොතකා කටයුතු කිරීම මේ සම්බන්ධයෙන් බලපෑමක් ඇති කර තිබේ.

ජනවාරි මාසයේ චීන නායක ෂී ජින් පිං සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන ඇමතුමකදී ඇති කරගත් එකඟතාවය පිළිබඳව එක්සත් ජනපද ක්‍රියාමාර්ග මේ වනවිට දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දීය.

ට්‍රම්ප් ඉකුත් සිකුරාදා චීනය ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව පැවසීමෙන් පසුව මේ පිළිබඳ කතා බහක් කරළියට පැමිණීය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා නොදුන් නමුත් වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් පසුව පැවසුවේ චීනය ගිවිසුම යටතේ එකඟ වූ පරිදි තීරුබදු නොවන බාධක ඉවත් කර නොමැති බවයි.

මැයි මාසයේදී ජිනීවාහි පැවති රැස්වීමකදී ඇති කරගත් වෙළඳ ගිවිසුම යටතේ, එක්සත් ජනපදය චීනයෙන් භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු 145% සිට 30% දක්වා අඩු කර ඇති අතර එක්සත් ජනපද භාණ්ඩ සඳහා චීනයේ තීරුබදු 125% සිට 10% දක්වා අඩු විය.

චීන සමාගම්වලට පරිගණක චිප් නිර්මාණ මෘදුකාංග විකිණීම නැවැත්වීම, චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei විසින් නිෂ්පාදනය කරන ලද චිප් භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම සහ චීන සිසුන් සඳහා වීසා අවලංගු කිරීම එක්සත් ජනපද ගිවිසුම උල්ලංඝනය කිරීම් බව’ චීනය ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා...

හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පොතුහැර ප්‍රදේශයේදී සිදුව...

Celebrity Buzz: දැනට හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය තරු කිහිපයක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW : අද (28)...