චීනයට,ඉරානයට සහ අප්‍රිකාවට යන්න ලෑස්ති වෙන දුඹුරු සීනි!

Date:

කොළඹ LNW:මෙරට නිෂ්පාදනය කරන දුඹුරු සීනි චීනයට,ඉරානයට සහ අප්‍රිකාවේ රටවල් කිහිපයකට අපනයන කිරීම සඳහා සාකච්ජා කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඒ, අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකර තිබුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

දුඹුරු සීනි සඳහා යොදන පොහොර ප්‍රමාණය අවම වීම මත මෙරට දුඹුරු සීනි සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

”විශේෂයෙන් අපේ දුඹුරු සීනි ඔගර්නික් සීනි හැටියට දැන් ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද අපේ දුඹුරු සීනි නිෂ්පාදනයට යොදන පොහොර ඉතාම අඩු ප්‍රමාණයක් යොදවන්නේ. ඇමෝනියම් ප්‍රසන්ටේජ් එක ඉතාම අඩු අගයක තියෙන ප්‍රමාණයක් යොදන්නේ. අපට ඒ නිසා දුඹුරු සීනි අපනයනයේදී විශාල ආදායමක් ලබන්න පුළුවන්. අපි දැනට චීනයත් එක්ක.ඉරානයත් එක්ක අප්‍රිකා රටවල් කිහිපයක් එක්ක සාකච්ජා කරලා තියෙනවා.”යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...

ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: පසුගියදා ඇල්ල -...

මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තරගය දකුණු ආසියානු පාපන්දුවට මඟ පෙන්වන මාලිමාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: මාල දිවයින පාපන්දු කණ්ඩායම...