පාකිස්ථාන බන්ධනාගාරවලින් රැඳවියන් 216 දෙනෙකු පැන යයි

0
131

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ රැඳවියන් 216 දෙනෙකු බන්ධනාගාරයෙන් පැනගොස් ඇති බව වාර්තා වේ.

හදිසියේ සිදුවූ භූ කම්පනයක් මධ්‍යයේ ආරක්‍ෂිත පියවර වශයෙන් රැඳවියන් සිර මැදිරි වලින් ඉවත් කිරීමත් සමඟ ඔවුන් ආරක්ෂකයින්ට පහර දී, ඔවුන්ගේ ආයුධ පැහැරගෙන වෙඩි තබා මෙලෙස පැනගොස් තිබේ.

මෙම රැඳවියන් කරච්චි බන්ධනාගාරය හා මලීර් බන්ධනාගාරයෙම් මෙලෙස පැනගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට වැටලීම් සිදුකරමින් පවතින බව බලධාරීන් නිවේදනය කර ඇත.