ඉතාලියානු දින සැමරුම මැද්දේ ඩඩ්ලි – ජී. එල්. වලියක් ?

ලෝකෙටම 25ක් විතර තියෙන ලෝකයේ මිල අධිකම වාහනයක් පවා පසුගිය කාලයේ ලංකාවට ගෙනත් තියෙනවාය, ඩොලර් ප්‍රශ්නයට ඒකත් හේතුවක් ය කියලා හිටපු ඇමති ජී. එල්. පීරිස් පසුගිය දිනක පැවැත්වුණු මාධ්‍ය හමුවකදී කියලා තිබුණා. ජී. එල්. මේ කියලා තිබුණේ ඩඩ්ලි සිරිසේනගේ රොල්ස් රොයිස් කාර් එක ගැන. ඔය කතාවට ඩඩ්ලිට හොඳටම කේන්ති ගිහින් ලු හිටියේ.

ඉතාලියානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සංවිධානය කරපු උත්සවයක් ඊයේ (02) පැවැත්වුණා. ඕකට ඩඩ්ලියි ජී. එල්. පීරිසුයි දෙන්නාම ඇවිත් හිටියා ලු.

ඔතනදී ජී. එල්.ව දැක්ක ගමන් ඩඩ්ලි ජී. එල්. ළඟට ගිහින් දෝස්මුරේ පටන් ගත්තා ලු.

“ආ මහාචාර්යතුමා, ඔබතුමාලාට විතරද රොල්ස් රොයිස් පදින්න හොඳ ? ඇයි දුප්පත් අපිට රොල්ස් රොයිස් පදින්න හොඳ නැද්ද ?” කියලා ඩඩ්ලි ඇහුවා ලු.

ජී. එල්. සාමකාමී මනුස්සයානෙ. මෙහෙම එකපාර වෙච්චි දෙයින් කලබල වුණු ජී. එල්. “ඇයි ? මොකද මේ ?” කියලා ඇහුවා ලු.

“මොකද තමයි … ඔබතුමා මොකක්ද අර කියලා තියෙන කතාව ? අපි මේවා මේ එක එකා එක්ක ඩීල් දාලා, කොමිස් ගහලා ගත්තුවාවත් පර්මිට්වලට ගෙන්නපුවාවත් නෙවෙයිනෙ. බිස්නස් කරලා, හම්බුකරලා, බදුත් ගෙවලා ගෙන්නපුවා. මහාචාර්යතුමාලාට විතරද රොල්ස් රොයිස් ගේන්න පුළුවන් ? දුප්පත් අපිට ගේන්න බැරිද ? ඔබතුමාලා පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙත් රොල්ස් රොයිස්වල. ඒ කාලෙ කෑම ගේන්න ගියෙත් රොල්ස් රොයිස්වල. දුප්පත් පවුල්වල අපි හම්බකරලා එකක් ගෙනාවාම තමයි අමාරුව. පුදුම ඉරිසියාවක්නෙ මේක ….” කියලා ඩඩ්ලි කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියා ලු.

කොහොම හරි ඔය වෙලාවේ ඔතන ළඟපාත හිටපු කට්ටිය මැදිහත්වෙලා ඩඩ්ලිවයි, ජී. එල්වයි දෙපැත්තකට එක්කරගෙන ගිහින් කචල් එක ඉවරයක් කළා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...