ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ ගැටුමක්. පොහොට්ටු මන්ත්‍රීවරයෙක් තුවාල ලබා රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (03) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වී තිබුණු අතර එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේ ගැටලුවක් මුල් කරගෙන ගුණතිලක රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් බහින් බස්වීමක් සිදුව තිබේ.

එම අවස්ථාවේදී ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා මැදිහත්වී එම සිදුවීම සමථයකට පත්කර ඇති නමුත් රැස්වීම අවසාන වී පිටව යන මොහොතේ පඩිපෙළේදී නැවත වතාවක් ගුණතිලක රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර යළිත් වතාවක් බහින් බස් වීමක් සිදුව ඇත.

ඒ මොහොතේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව සඳහන්.

එසේ ඇද වැටීමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයක අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත්තේ තමන් සහ ගුණතිලක රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ නමුත් තමන් ඔහුව තල්ලු කිරීමට උත්සාහ නොකළ බවත් සිද්ධියට මැදිහත් වූ ජගත් සමරවික්‍රම මහතා ගුණතිලක රාජපක්ෂ මහතාව එම ස්ථානයෙන් ඉවතට කැඳවාගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටුණු බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...