ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2025 පළමු කාර්තුවේ පාඩුව පොලී ගෙවීමට පෙරද ? පසුද ?

Date:

2025 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ලබා ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඒත් සමගම මෙම ගුවන් සේවය තවදුරටත් රජය යටතේ තබා නොගෙන වහාම විකුණා දැමිය යුතු බවට විපක්ෂයේ විවිධ පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ යෝජනා, චෝදනා, විවේචන එල්ල කරමින් සිටිනු පෙනේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු පසුගිය වසර ගණනාවක් තිස්සේ දැවැන්ත පාඩු ලැබූ ආයතනයකි. එහි ඇමරිකානු ඩොලර් මිලියන 978ක දැවැන්ත ණය කන්දක් ගොඩගැසී තිබේ. මෙම ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය ආණ්ඩුව සමයේ උත්සාහයක් දරන ලද නමුත් එය පවා සාර්ථක වූයේ නැත.

වත්මන් ආණ්ඩුව මෙම ආයතනය විකුණා නොදමා එය ජාතික ගුවන් සේවය වශයෙන් පවත්වාගෙන යාමටත් එය නැවත ව්‍යාපාරික වශයෙන් සාර්ථකත්වය කරා ගෙන ඒමටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ඉහත කී චෝදනා, විවේචන එල්ල කෙරෙමින් පවතින්නේ මේ තත්වය තුළ ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය කන්ද සඳහා වසරකට රුපියල් බිලියන 24ක් පොලී වශයෙන් ගෙවිය යුතුව තිබේ. පසුගිය අයවැයෙන් මෙම ගුවන් සේවය සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 20ක් වෙන් කෙරුණේ ද මෙකී පොලී ගෙවීමට සහාය වීම සඳහා ය. ඒ අනුව මේ වසර තුළ මහාභාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 20ක් සහ ගුවන් සේවයෙන් රුපියල් බිලියන 4ක් බැගින් යොදවා පොලිය ගෙවිය යුතුව ඇත.

මෙම ගුවන් සේවය මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4ක් පාඩු ලබා ඇති බව කියන්නේ පොලී ගෙවීමෙන් පසුවද, ඊට පෙරද යන්න අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතු කරුණකි. කාර්තුවක් සඳහා රුපියල් බිලියන 6ක් පොලී ගෙවිය යුතුව ඇත. ඉහත කී පාඩුව ලබා ඇත්තේ එම පොලිය ගෙවීමෙන් පසුව නම් එයින් පෙන්නුම් කරන්නේ ගුවන් සේවය මෙහෙයුම් ලාබයක් ලබා ඇති බවකි. මෙම පාඩුව වාර්තා වන්නේ පොලී ගෙවීමට පෙර නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ ආයතනය මෙහෙයුම් අලාබයක් ද ලබමින් සිටින බවකි.

රාජ්‍ය ආයතන විකිණීමට පක්ෂ දේශපාලන බලවේගය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාතෘකාව කර ගසාගෙන දුවන්නේ මේ තත්වය බලධාරීන් විසින් පැහැදිලි කර නොමැති නිසා ය. ඒ අනුව රජයේ බලධාරීන් ජනතාවට මේ තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතුව තිබේ.

~ රජිත විරාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...