රටේ වත්මන් කොවිඩ් තත්ත්වය අද (04) හෙළි කරනවා – සුව ඇමති නලින්ද

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

මේ වන විට, රට තුළට ඇතුළු වී ඇති නව කොවිඩ් ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තර සාකච්ඡාවක නිරත වන බව, ඔහු සඳහන් කළේය.

මේ වන විට රටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සහ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අද (04) දිනයේදී රට හමුවේ තොරතුරු හෙළි කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ, කෙසේවෙතත් රෝගය පැතිර යාම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් මහජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ බංග්ලාදේශයේ මැතිවරණය!

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එළැබෙන 2026 පෙබරවාරි...

හැත්තෑව දශකයේ “El Lute” සමඟ එළියට ආ Eleuterio Sánchez ගේ යටගියාව!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW):  "This is the story...

සමෘද්ධි සේවකයන්ගේ 4%ක අධිභාරය ඒක් වරක් පමණක් අය කිරීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන...

දෙස් විදෙස් හෙට පායන තරුවල රැස් විහිදෙන දින හතරක් නයිවලදී…ආරම්භය අගෝස්තු 05

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: ශ්‍රී ලංකා කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන්...