නවක වදයේ අවසානය තව දුරද?

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ඊයේ (03) දින කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පසුගිය දෙවනදා , එම කාර්මික විද්‍යාලයේ තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන එම සිසුවිය නවක වද සිද්ධිය හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකර ගැනීම සඳහා කුලියාපිටිය ඩිපෝව අසල වැවට පැන තිබුණි. එලෙස සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇත්තේ වයස අවුරුදු 22ක් වූ වත්තේගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව වාර්තා විය. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඇය බේරාගෙන රෝහල්ගත කෙරුණි.

පොලීසිය පැවසුවේ, සිද්ධියට අදාළව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව සැකකරුවන් අද කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...