ඇමරිකාවේ චෝදනා චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

Date:

කොළඹ LNW:ඇමරිකාව තම වැරදි වෙනත් පාර්ශ්වයන්ට භාර කරමින් සිදු කරන අසාධාරණ චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා.

චීන වාණිජ අමාත්‍යාංශ‍ය පසුගිය දා(02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමරිකාව ඒකපාර්ශ්විකව ආර්ථික හා වෙළඳ ගැටුම් නැවත නැවත ඇති කරමින් ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාව පිළිබඳ අවිනිශ්චිතභාවය සහ අස්ථාවරත්වය උග්‍ර කරන බව ද චීනය පවසනවා. තමන් වැරදි බව නොකතා හේතු රහිතව පොදු එකඟතාවන් උල්ලංඝනය කරන බවට චීනයට චෝදනා කිරීම ඉතා අසාධාරණ බවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් චීනය අවධාරණය කර සිටිනවා

අදාළ වැරදි වහාම නිවැරදි කර ගනිමින්, ජිනීවා හි ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල එළඹි එකඟතාව අනුව කටයුතු කරන ලෙසත් ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...