තියුණු වාද විවාදවලින් පසු 19 සංශෝධන 21 ලෙස ගෙනෙන්න එකඟ වුණා -ගම්මන්පිල (VIDEO)

Date:

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ජාවේදී තියුණු වාද විවාද වලින් පසු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති සංශෝධන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ අනුව ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමටම නව කෙටුම්පත ඉදිරිපත් වනු ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සමඟි ජන බලවේගය මුලින් අදහස් දැක්වුවද පසුව උක්ත අදහසට විරුද්ධ නොවූ බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම අගමැතිවරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් ඇමතිවරු පත්කළ යුතු බවටද එහිදී එකඟ වී තිබේ.

මේ අතර ද්විත්ව පුරවැසියන්ට රට තුළ දේශපාලනය කිරීමට ඉඩ දිය යුතු බවට කිසිදු අදහස් දැක්වීමක් නොවුණු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...