ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාමාන්යයෙන් මාසයකට තෙල් ආනයනය සඳහා වැය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් වුවත් පසුගිය අප්රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 522ක් ඒ සඳහා වැය කිරීමට සිදුව ඇති බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
“සාමාන්යයෙන් අපේ කෑෂ් ෆ්ලෝ එකේ මාසෙකට තෙල් සංස්ථාව තෙල් සඳහා වියදම් කළේ ඩොලර් මිලියන 100ක් වගේ ගාණක්. ඒක අප්රේල් මාසෙ 522කට යනවා. ඒක අපි ගෙවන්නෙ මැයි මාසෙ. ඇත්තටම පහුගිය මාසෙ තමයි ඩොලර් වැඩිම පරමාණයක් රටින් පිටට ගියේ තෙල් සඳහා.
ඒකට හේතුව තමයි අප්රේල් මාසෙ දැන් මේ තියෙන ගැටලුවත් එක්ක සාමාන්ය ප්රමාණයට වඩා වැඩි තෙල් ප්රමාණයක් අපිට ගේන්න සිද්ධ වුණා. පිරිපහදුවට එන්න තිබ්බ නැවක් තිබුණා මාර්තු මාසෙ 23 – 24, ඒක ආවෙ නෑ. ඒකත් එක්ක පිරිපහදුව වැසීයාමේ තර්ජනයකට මුහුණ දෙන්න වුණා. එතන මෙට්රික් ටොන් 90000ක්. එතකොට ඒකෙන් හැදෙන ඩීසල් ප්රමාණය, ජෙට් ඒ වන් ප්රමාණය, පෙට්රල් ප්රමාණය, විශෙෂයෙන්ම දැවිතෙල් ප්රමාණය අපිට ලබාගන්න විදියක් නෑ. එතකොට අපිට හදිසි ටෙන්ඩර්වලට යන්න සිද්ධ වුණා. ඒවා ගේන්නෙ යුද්ධෙ තියෙන කාලෙ අපි හයි ප්රීමියම්වලට. ඒකෙන් අප්රේල් මාසෙ වැඩිම මිලකට ආවෙ. අන්න එතකොට සාමාන්යයෙන් අපි නැව් 5ක් විතර තමයි සාමාන්යයෙන් ගේන්නෙ – බොරතෙල් දෙකයි, අනෙකුත් ඒවා තුනක් වගේ ගේන්නෙ. අප්රේල් මාසෙ විතරක් ගෙනල්ලා තියෙනවා නැව් 11ක්. එතකොට ඒ ගෙනාපු ඔක්කොම වැඩි අගයන්වලට ගෙනත් තියෙන්නෙ. ඒ හින්දා තමයි ඩොලර් එකට ලොකුම බලපෑමක් වුණේ. පහුගිය දවස්වල ඩොලර් එක වැඩිවෙන්න හේතුව. දැන් තියෙන තත්වය තමයි අර 522ක් වෙලා තිබ්බ එක මේ මාසෙ වෙනකොට අපිට බස්සාගන්න පුළුවන් වෙලා තියෙනවා 318කට. ජුලි මාසෙ අපේ පුරෝකථනය 198කට වගේ අඩුකරන්න පුළුවන් කියලා”
ඛනුජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්ය හමුවක් අමතමිනි.


