සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවදිල්ලි නගරයේ මල්වියා නගර්හි හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 40 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මියගිය අය අතර බංග්ලාදේශය, නයිජීරියාව, මොසැම්බික් සහ ලයිබීරියාවේ අය ද සිටින බව CNN වාර්තා කර ඇති අතර වසර ගණනාවකට පසු ඉන්දීය අගනුවර ඇති වූ මාරාන්තික ගින්නක් මෙය බවයි ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ,
ගින්නට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර ගිනි නිවන උපකරණ නොමැතිකම සහ ආරක්ෂක රෙගුලාසි නිතර නොසලකා හැරීම හේතුවෙන් ඉන්දියාවේ ගොඩනැගිලි ගිනි ගැනීම් බහුල වේ.
අනතුර සම්බන්ධයෙන් Xහි සටහනක් එක් කරමින් අගමැති නරේන්ද්ර මෝදි සඳහන් කර තිබුණේ, තම ආදරණීයයන් අහිමි වූවන්ට සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවයි.




