රනිල්ට සජබෙන් 20ක් ගේන්න කිව්වෙ නෑ. පොහොට්ටුවේ අපි අපේ අපේක්ෂකයාව දිනවනවා – පොහොට්ටු මහලේකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු ආණ්ඩුවට ගෙන එන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“ඔය ඕපාදූප වෙබ්සයිට්වල තියෙන ඒවාට මම පිළිතුරු දෙන්නෙ නෑ. මොකද අපි එහෙම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ‘සජබෙන් 20ක් ගේන්න, එතකොට අපි ඔබට සහයෝගය දෙන්නම්’ ඔය වගේ කතා අපි කියන්නෙ නෑ. මොකද අපි අපේක්ෂකයෙක්ට සහයෝගය දෙනවා නම් අපි ඒ අපේක්ෂකයාව දිනවනවා. ඒක අපිට සජබෙන් විස්සක්, අරහෙන් දහයක්, මෙහෙන් පහළවක් කඩලා කරන්න නෙවෙයි. අපි පොහොට්ටුව හැටියට අපි ශක්තිමත්. අපි දන්නවා අපේ මහපොළවේ බලය. අපි අනිවාර්යයෙන්ම අපේ අපේක්ෂකයා දිනවනවා. ඒක නිසා අපට අරහෙන් මෙහෙන් කෑලි අහුලලා ඡන්ද දිනන පක්ෂයක් නෙවෙයි අපි. අපි ශක්තිමත් පක්ෂයක්. අපට අපේ පක්ෂය ගැන විශ්වාසයක් තියෙනවා. අපේ පක්ෂයේ ශක්තිය ගැන අපට විශ්වාසයක් තියෙනවා”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...