විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අඛණ්ඩව!

Date:

කොළඹ LNW:විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ අකර තිබෙන වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසන්නේ සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

මෙම වැඩවර්ජනය ආරම්භ වූයේ පසුගිය මැයි මස 02 වැනි දින වන අතර ඔවුන්ගේ ගැටළු විසඳීම වෙනුවෙන් සාධනීය පියවරක් තැබීමට රජයට තවදුරටත් හැකිවී නැත.

රජය ඉදිරිපත් කරන යෝජනා ලිඛිතව චක්‍රලේඛයක් හරහා ඉදිරිපත් විය යුතු බවටයි වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරන්නේ.

චක්‍රලේඛය ලබා දුන් වහාම වැඩ වර්ජනය අත්හිටුවීමට බලාපොරොත්තු වන අතර එතෙක් වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක බව ද ඔවුන් තහවුරු කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...