(VIDEO):අපෙන් ගිය අය අම්බලන් හොයමින් යනවා. අවස්ථාවාදීන්ට ආයේ මෙහෙ ඉඩ නෑ – ඉන්දික අනුරුද්ධ

Date:

කොළඹ LNW:අවස්ථාවාදී දේශපාලකයින්ට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර වැසී තිබෙන අතර පක්ෂයෙන් ඉවත්වූ අය දැන් අම්බලන් සොයමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටළුවක් නොවන අතර පක්ෂයක් ලෙස ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මේ වෙද්දී දේශපාලන පක්ෂ, කණ්ඩායම් බලාපොරොත්තු රැසක් දීගෙන යන කාලයක් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු එම බලාපොරොත්තු ඉටුකළ හැකි පදනමකින් ආරම්භ කළ පක්ෂයක් බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කර පෙන්වා ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

ගම තුළ අවලංගුභාවයට පත්ව සිටින පිරිස් යම් යම් නවාතැන් පොළවල් සොයමින් සිටින හෙයින් ඇතැමුන්ගේ අපේක්ෂාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට යාම මෙන්ම ඇමති ධූර ලබා ගැනීම වන හෙයින් එවැනි අවස්ථාවාදීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉඩක් නැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...