(VIDEO):ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමුවන්න – ලෝක පරිසරය දිනයදා විපක්ෂ නායකගේ ඉල්ලීම!

Date:

කොළඹ LNW:ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමු විය යුතු බව අදට (05) යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

දූපත් රාජ්‍යයක් ලෙස පොහොසත් මිල කළ නොහැකි ස්වාභාවික සම්පත්වලින් ආශිර්වාදය ලැබූ රටක් ලෙස අප රටේ පරිසරය ඉතාම ඉහළ මට්ටමකින් ආරක්ෂා කරමින් රටේ සංවර්ධන ජාතික න්‍යාය පත්‍රයට තිරසරභාවය බාධාවකින් තොරව ඒකාබද්ධ කළ යුතු බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

ලෝක පරිසර දිනයේදී ක්‍රියාත්මක සියලුම ක්‍රියාකාරකම් පරිසර හිතකාමී විය යුතු බවත් 2021 දී ජාතික හරිත ප්‍රවේශය ආරම්භ කළ ලංකාවේ ප්‍රථම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය හා එහි නායකයා ලෙස මෙරට සියලුම පරිසර සම්පත් සුරක්ෂා කරන, ස්වභාදහම වෘක්ෂලතා ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට යොමුවෙමින් අපේ රටේ තිරසර සංවර්ධන රටාව ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙසත් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...