(VIDEO):ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමුවන්න – ලෝක පරිසරය දිනයදා විපක්ෂ නායකගේ ඉල්ලීම!

Date:

කොළඹ LNW:ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමු විය යුතු බව අදට (05) යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

දූපත් රාජ්‍යයක් ලෙස පොහොසත් මිල කළ නොහැකි ස්වාභාවික සම්පත්වලින් ආශිර්වාදය ලැබූ රටක් ලෙස අප රටේ පරිසරය ඉතාම ඉහළ මට්ටමකින් ආරක්ෂා කරමින් රටේ සංවර්ධන ජාතික න්‍යාය පත්‍රයට තිරසරභාවය බාධාවකින් තොරව ඒකාබද්ධ කළ යුතු බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

ලෝක පරිසර දිනයේදී ක්‍රියාත්මක සියලුම ක්‍රියාකාරකම් පරිසර හිතකාමී විය යුතු බවත් 2021 දී ජාතික හරිත ප්‍රවේශය ආරම්භ කළ ලංකාවේ ප්‍රථම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය හා එහි නායකයා ලෙස මෙරට සියලුම පරිසර සම්පත් සුරක්ෂා කරන, ස්වභාදහම වෘක්ෂලතා ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට යොමුවෙමින් අපේ රටේ තිරසර සංවර්ධන රටාව ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙසත් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...