ප්‍රවීණ රංගධරයකු වූ රවීන්ද්‍ර රන්දෙණියගේ දශක 5ක සිනමා දිවියට සහ උපන්දිනයට විපක්ෂ නායක සජිත් සුබ පතයි

අද දිනයේ සිනමා ජීවිතයේ 50 වැනි සංවත්සරය සහ 79 වැනි උපන් දිනය සමරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර රන්දෙණිය මහතාට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සුබාශිංසනය පිරිනැමිය යුතු බවත්, ඔහු සිනමාවට සහ කලාවට සිදු කළ සේවාව පිළිබඳ ගෞරවය පුදකර සිටිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.