ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව අනුමත කරයි – පනත හෙට විවාදයට!

Date:

කොළඹ LNW: යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ පස්වරුවේ අනුමත කර තිබේ.

ඒ අනුව එම පනත හෙට (06) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු එම නව විදුලිබල පනත ශේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව ඉදිරිත් කළ සංශෝධන අනුගත කරමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

කෙසේවෙතත් මෙහි විවාදය සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්සහ්ය විසින් දින දෙකක හෝ කාලයක් අවශ්‍ය බවටයි අවධාරණය කෙරුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...