සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ නඩුව අවසන් වන තෙක් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීරණයට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (05) දින යළි කැඳවනු ලැබීය.
රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි වන්නේ නඩු විභාගය ආරම්භ වීමෙන් පසු මහාධිකරණයට පමණක් බවයි. ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 10 වනදාට කල් තැබුණු බව සඳහන් වේ.