ට්‍රම්ප්ගේ තවත් දැඩි තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින්, නියෝගයක් නිකුත් කර තිබේ.

ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි,  ලිබියාව, සෝමාලියාව සහ සුඩානය එම නියෝගය බලාත්මක රටවල් වලට අදාල වේ. 

අදාළ නියෝගය ජුනි 9 වැනිදා සිට බලාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, දූෂිත විදේශකයින්, සිය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.

සිය පළමු ධුර කාලය තුළ 2017 වසරේදී ද ඔහු රටවල් 07ක, පුරවැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කළ බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව තීරණයත් සමග සංචාරකයින්, සංක්‍රමණිකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම ග්‍රීන්කාඩ් හිමි පිරිස් වලට බලපෑම් එල්ල වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...