*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බණ්ඩාර හෙට නෙදර්ලන්තයේදී රන් සටනට

නෙදර්ලන්තයේ පැවත්වෙන එයින්ඩ්හෝවන් බොක්සිං තරගාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉෂාන් බණ්ඩාර කි.ග්‍රෑම් 51 බර පංතියේ අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත්විය.ඔහු අවසාන පූර්ව තරගයේදි එංගලන්තයේ මාර්ලි තොම්ව, තරගය නවත්වන ලෙස විනිසුරුවරයාට නියෝග කරන්නට සිදුවන අන්මේද ප්‍රහාරයකට යටත් කරමින් මෙම අවස්ථාව උදා කර ගත්තේය.විනිසුරු විසින් තරගය නවත්වා බණ්ඩාරට ජයග්‍රහණය පිරිනමන ලද මේ තරගය ඊයේ (ජූනි 04) පැවත් වූ අතර අවසාන තරගය හෙට (ජූනි 06) පැවත්වීමට නියමිතය.

ජාත්‍යන්තර තරගවලදී නිතරම විනිසුරු තීරණ සම්බන්ධයෙන් මතබේද ඇති වීම ස්වභාවික තත්ත්වයක් වන අතර ඒ නිසාම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මඟින් වාරණ සහ සීමා පනවමින් බොක්සිං ක්‍රීඩාව කරගෙන යන තත්ත්වයක් වර්ථමානයේද දකින්නට ලැබෙයි.විනිසුරුවරයා විසින් තරඟය නවත්වා බණ්ඩාරට නියමිත කාලයට පෙර ජයග්‍රහණය පිරිනැමූ මෙම තරගයේදී ද එවැනි සැක සහිත තත්ත්වයක් එක් විනිසුරුවරයෙකු වෙතින් දකින්නට ලැබුණු අතර තරගය මාර්ලි තොම්ට එල්ල වූ ප්‍රහාරය නිසා තරගය නවත්වන විට තරගයේ ලකුණු සටහන් කරන ලද විනිසුරුවන් පස් දෙනා අතරින් එක් නෙදර්ලන්ත විනිසුරුවෙක් ලබා දි තිබූ ලකුණු අනුව බණ්ඩාර සිටියේ පිටුපසින්ය.(එම නිල ලකුණු සටහන් පත මෙහි අමුණා ඇත.)

අත්දැකීම් සහිත 26 හැවිරිදි බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය 2018 ඉසව්වේ ෆ්ලයිවේට් ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා ද වෙයි.රටවල් 40 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 74 ක් සහ ක්‍රීඩිකාවන් 32 ක් සහභාගිවන එයින්ඩ්හෝවන් බොක්සිං තරගාවලිය ජූනි 3 වන දා නිල වශයෙන් ආරම්භ වූ අතර හෙට (ජූනි 06) එහි සමාප්ති දිනයයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan