ගුවන් යානය රඳවා ගැනීම අධිකරණයේ තීරණයක් – ආණ්ඩුවට ඒකට මැදිහත් වෙන්න බෑ

Date:

රුසියානු ගුවන් යානයක් මෙරට තුළ රඳවා ගැනීමට සිදුවීම හේතුවෙන් අපහසුතාවයට පත් ගුවන් සමාගමට සහ අදාල ගුවන් යානයෙන් ගමන් කිරීමට සූදානම්ව සිටි මගීන්ට කණගාටුව පළ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට ආණ්ඩුවට නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ.

ගුවන් යානය රඳවා ගැනීමට සිදුවූයේ අධිකරණය මගින් ලාබදුන් නියෝගයක් හේතුවෙන් බවත්, අධිකරණයේ කටයුතුවලට මැදිහත්වීමට ආණ්ඩවුට නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

රුසියානු තානාපති කාර්යාලය සහ ගුවන් සමාගම සමග විෂය බාර ඇමතිවරයා ලෙස තමන් සාකච්ඡා කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල මහතා පවසන්නේ මතුව ඇති තත්වය සහ ආණ්ඩුවට ඊට මැදිහත්විය හැකි සීමාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි.

පවතින තත්වය පිළිබඳව රුසියානු තානාපති කාර්යාලය මනා අවබෝධයකින් කටයුතු කරන බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කර හැකි ඉක්මනින් ගුවන් යානය නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ගුවන් සමාගම ඇමතිවරයා සමග පවසා තිබෙනවා.

ගුවන් යානය සම්බන්ධයෙන් මතු වූ අර්බුදයෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට ගැටලුවක් සිදු නොවීමට වගබලා ගන්නා බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය...

අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු...

ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපනය සුහුරු මෙන්ම මූලික අයිතියක් විය යුතු යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක...