රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය. ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවයි අවධාරණය කළේ.
රටට බොරු කියා සමහරු ලබාගත් තනතුරුවල ආනිසංශය අද භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එසේවෙතත් ඔවුන් රටට කීවේ ඩොලර් බිලියන පහක් හයක් අතේ තියන බව යැයිද පැවසීය.
• බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා!
එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා,තැඹිලි වෙළෙන්දෙකු පවා මරා දමා ඇතැයි ද පැවැසීය.ඇතැම් බරපතල නඩුවල සාක්ෂිකරුවන්ද මෙලෙස ඝාතනය වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික ආරක්ෂාව අද කොහේදැයි අසන්නට සිදුව ඇති බවද පැවසීය.
• රාජ්‍යතාන්ත්‍රික ඔස්ථාර්ලා ට රුසියාවෙන් කනේ පහරක්!
වාණිජ අධිකරණයේ තීන්දුවක් මත රුසියානු ගුවන් යානයකින් මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳාගත යුතුව තිබූ දෙයක් මේ වන විට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයිද පැවසීය.ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඔස්තාද්ලා මෙහෙ වන විට ප්රශ්නය ඔඩු දුවන තැනට පත් කරගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටට එන සංචාරකයින් පවා නැති කර ගැනීමටත්,රටේ තේ ටික අලෙවි කර ගැනීමටත් නොහැකි තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පැවසීය.
මේ අවදානම ජනාධිපතිට අගමැතිට හෝ විදේශ ඇමතිට නොතේරෙන්නේ මන්දැයි ඇසූ විපක්ෂ නායකතුමා,එවැනි හැකියාවක් වත් නැති කණ්ඩායමක් මේ රට ගොඩනගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
• උනුයි මුනුයි එකයි වුණාට සමගි ජන බලවේගයට ඒක අදාල නෑ!
උනුත් එකයි මුනුත් එකයි යන්න ඇතමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගය ට අදාළ නොවන බවද පැවසීය.ඉතිහාසයේ වෙනත් කිසිදු විපක්ෂයක් සිදුනොකළ මට්ටමේ දැවැන්ත මහජන සේවයක් සහ සමාජ සත්කාර සමගි ජන බලවේගය විසින් සිදුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයෙන් හුස්මක්,සක්වල,සහ පාසල් වලට බස් රථ ලබා දීම වැනි සමාජ සත්කාර රැසක් සිදුකරමින් සිටින බවද පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ආනන්ද අබේවික්‍රම මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව ඊයේ (04) එක්වෙමිනි.
RN