රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ශ්රී ලංකා නාවික හමුදාව වෙත පිරිනැමූ සමුද්රවිජය නෞකාව නිල වශයෙන් සේවයට එක් කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ වරායේදී පවත්වා ඇත.
ඇමරිකාවේ මේරිලන්ඩ් ප්රාන්තයේ සිට යාත්රා කළ මෙම ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාව, ශ්රී ලංකාවේ නාවික මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සුවිශේෂී දායකත්වයකි.

නාවික කටයුතු සඳහා අවශ්ය නවීකරණයන්ගෙන් පසුව මෙම නෞකාව දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම පියවර හරහා දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් තහවුරු වන ආකාරය පැහැදිලි වේ..






