ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් ක්‍රියාමාර්ග…

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 2026.05.28 දින නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණ අනුව, ඒ සඳහා පත්කළ කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් 2026.06.04 දින ප්‍රදේශයේ ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

අදාළ ආයතන එක්ව මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, ඇළමාර්ගවල පවතින අවහිරතා ඉවත් කිරීම, ඒවායේ ධාරිතාව ඉහළ නැංවීම සහ වැසි ජලය ගලායාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට පමණක් නොව, අධික වර්ෂාපතන අවස්ථාවලදී අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන අතරම, ගැටලුවට ස්ථිර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් ඉදිරියට ගෙන යාමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...