සටහන: සශිකලා මධුෂාණි
ජුනි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දින හතර තුළ ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවලට එනම් අරුණචල් ප්‍රදේශ්, ඇසෑම්, මනිපූර්, මේඝාලය, මිසෝරාම්, නාගලන්ඩ් සහ ත්‍රිපුර ප්‍රදේශ වලට බලපාන ලද ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් නිසා 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, ඉදිරිදින කිහිපය තුළ වර්ෂාව තවදුරටත් අධික විය හැකි බවට විශ්වාස කරන බවත්, ආරක්ෂාකාරීව කටයුතු කරන බවත්ය.
වර්ෂාව හේතුවෙන් හිමාල ප්‍රාන්තයේ අතරමං වූ සංචාරකයින් දහසකට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර ගංවතුරෙන් විපතට පත් 500කට අධික පරිසක් ගලවා ගැනීම වෙනුවෙන් හමුදාවන් යොදවා ඇත.
ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ වාර්ෂිකව මාරාන්තික ගංවතුර සහ නායයෑම් ඇති කරන, මිලියන ගණනක් අවතැන් කරන සහ යටිතල පහසුකම් විනාශ කරන අධික මෝසම් වැසි වලට විශේෂයෙන් ගොදුරු වේ.