ඩොලරයේ පහළ යාමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි හිස ඔසවන හැඩ!

Date:

කොළඹ LNW:ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් සහ ඉන්ධන මිල අඩුවීම නිසා පසුගිය වර්ෂයට වඩා මේ වනවිට යකඩ මිල 50% අඩු වී ඇති බව මෙල්වා ආයතනයේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෙම ඩොලරයේ පහළ යාම මත දගර කම්බිවල මිලද 50 % අඩුවෙන බවයි තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

අද වනවිට යකඩ ටොන් ටොන් එකක මිල රු.දෙලක්ශ අසූදාහක් වෙන බවත් වැට් බද්ද ඉවත් කළහොත් තවත් 15%කින් මෙම මිල ගණන් අඩුකළ හැකි බවද හෙතෙම කියාසිටියේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෘජුවම අවශ්‍ය මෙම අමුද්‍රව්‍ය වල මිල ගණන් පසුගිය කාලයේදී දරාගත නොහැකි ලෙස ඉහළ යාමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් සිදු වූ අතර ලබන වසර පමණ වන විට තත්ත්වය තවදුරටත් හොඳ අතට හැරෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...