ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ ….

Date:

කවුරුත් ශාප කරන දුෂ්ඨයා කූඩුකර තිබේ..
දරුවාට ආදරණීය පොලිස් මවක් ලැබී තිබේ..
දරුවා ගැන සහ පොලිස් මව ගැන කව් ගී මුහුණු පොතේ උතුරා යයි…

දැන් මීලඟට සිදුවන්නේ කුමක්ද? පොලිස් මව මේ දරුවා ගෙදර ගෙන ගොස් තමාගේ දරුවෙකු මෙන් ඇතිදැඩි කරයිද..? නැත්නම් යථාර්ථය තුල සිදුවනසේ දරුවා පරිවාස ගතකරයිද..? (ලංකාවේ පරිවාස ගැන කවුරුත් දනී) නැත්නම් දරුවාගේ දෙමාපියන්ටම අවවාද දී දරුවා බාරදෙයිද..?

ගැටලුව එතනමය … දින දෙක තුනකට පමණක් දරුවාට මුහුණු පොතේ මිනිසුන්ගේ ආදරය ලැබේ..

පහර දීම සිදුවන දිරාගිය තහඩු වටකල නිවස සහ නිවැසියන්ගේ වස්ත්‍ර, ගෘහ උපකරණ දෙස බැලූ විට ඔවුන්ගේ ජීවන වටපිටාව හොඳින් වැටහේ.. මේ ප්‍රචණ්ඩ හැසිරීමද ඒ බිඳ වැටීමේම එක්තරා ප්‍රකාශනයකි..

එසේම දරුවන්ට පහර දීම සේම තමන්ට ඔරොත්තු නොදෙන ලෙස බලු, බළල් පැටවුන් සේ තොගේට දරුවන් බිහිකර ඔවුන්ට අවශ්‍ය ආහාර, අධ්‍යාපනය නොදී සිටීමද සාහසිකත්වයකි.. එහි වගඋත්තරකරුවා සමාජ ද්‍රරිද්‍රතාවයයි…

ආර්ථික බිඳ වැටීම තුල ඒ හා බැඳුණ ළමා අපචාරය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය තුළ සදා පවතින්නකි.. ඇතැම්විට මෙය කාලයක් තිස්සෙ බංකොලොත් භාවය කරා ඇදී යන රටක එහි පතුලේම සිටින මිනිසුන්ගේ කතාන්තරයද විය හැකියි..

මේ ෆොටෝ වලින් සහනය ලැබී ඇත්තේ දරුවන් ආගමක් කර ගත් සිද්දිය මතුපිටින් දකින නාගරික මධ්‍යම පන්තියට පමණය….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...