ජනවාරි සිට මැයි 31 දක්වා රුපියල් බිලියන 88.7 සුරා බදු ආදායමක්

Date:

වසර 2023 ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ තම දෙපාර්තමේන්තු ඉපයු රුපියල් බිලියන 69.3 සුරා බදු ආදායම අභිබවා මේ වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 88.7 සුරා බදු ආදායමක් ලබාගෙන ඇතැයි සුරා බදු  දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම වැඩිවීම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 19ක වැඩිවීමකි. ප්‍රතිශතයක් ලෙස ගතහොත් එම වැඩිවීම 28% ක් බව සුරා බදු දෙපාර්තමේන්තුව කොමසාරිස් ජනරාල්  එම් ජේ ගුණසිරි පැවසීය.

සුරා බදු දෙපාර්තමේන්තුව විසින් වසර 2022 දී රුපියල් බිලියන169 ආදායමක් උපයාගෙන ඇත. ඒ වසර 2023 දී රුපියල් බිලියන179 දක්වා වැඩි කරගෙන තිබේ.

වසර 2022ට සාපේක්ෂව වසර 2023 දී වැඩියෙන් උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 9කි. 

මේ වසරේ මුල් මාස පහ නිමාවන විට රුපියල් බිලියන 91.2 බදු ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කොට ඇත. එම ඉලක්කයෙන් මේ වන විට සියයට 98 සපුරා ගෙන තිබේ.

මේ මාසයේ මුල් සතියේ හටගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට ලැබීමට තිබූ රුපියල් බිලියන දෙකක් මුදලක් අහිමි වී ගොස් තිබෙන බවද කොමසාරිස්  ජෙනරාල්වරයා කීය. ඒ සුරා බදු නිෂ්පාදන සමාගම් කිහිපයක් නිෂ්පාදන කටයුතු තාවකාලික අත්හිටවූ නිසාය.

වසර 2023 දී සුරාබදු ප්‍රතිශතය සීයයට දාහතරකින් ඉහල දැමීමට රජය පියවර ගත්තේය. පෙර වසරේදී අවස්ථා දෙකකදී සියයට හතළිහකින් සුරා බදු ප්‍රතිශත ඉහළ දැමීය. මේ අනුව බලන විට වසර 2023 බදු ආදායම් වැඩිවීම බදු ප්‍රතිශත ඉහළ දැමීම නිසා සිදුවුවක්  නොවන බව  කොමසාරි ජනරාල්වරයා  සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදනය කිරීම අඩුවන ප්‍රවණතාවයක් තුළ පවා මෙලෙස ආදාය ම්  වැඩිවීම යහපත් තත්ත්වයක් බව ගුණසිරි කීය.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...