‘ලෝකයේ අමාරුම’ විද්‍යාල ප්‍රවේශ විභාගයට මෙවර වාර්තාගත ලෙස මිලියන 13ක් පෙනී සිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 07,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ “gaokao” ලෙස හඳුන්වන දෙදින ජාතික විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා මෙවර වාර්තාගත ලෙස සිසුන් මිලියන 13.4 කට වඩා ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

එය චීන රාජ්‍ය මාධ්‍ය විසින් “ලෝකයේ දුෂ්කරම” විද්‍යාල ප්‍රවේශ විභාගය ලෙසද හඳුන්වා ඇති අතර සිසුන් වසර 12 ක් තුළ ඉගෙන ගත් සෑම දෙයක්ම විභාගයට එනු ඇතැයි සැලකේ.

ඉහළ ලකුණු ලබා ගැනීම රටේ ඉහළම විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට ඇති එකම ක්‍රමය වන හෙයින් චීන සිසුන් මෙම දුෂ්කර විභාගය සඳහා වසර ගණනාවක් ගත කරති. මෙම විභාගයට චීන සාහිත්‍යය, ගණිතය, ඉංග්‍රීසි, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, දේශපාලනය සහ ඉතිහාසය වැනි විෂයයන් ඇතුළත් වේ.

”gaokao” වෙනුවෙන් චීනයේ කීර්තිමත් පුද්ගලයින්, සමහර ජාත්‍යන්තර තරු පවා විභාග අපේක්ෂකයින්ට සුබ පතමින් සමාජ මාධ්‍යවල සුභ පැතුම් පණිවුඩ පළ කර තිබු අතර බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ද මේ අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...