සාමන්‍ය පාරිභෝගිකයින් ගැන වගේම කුඩා කර්මාන්තකරුවන් ගැනත් හිතන්න – විදුලි බිල ගැන කුඩා කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම!

Date:

කොළඹ LNW:සාමාන්‍ය පාරිභෝගිකයාට විදුලි බිල අඩු වුවත් කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට විදුලි බිල අඩු වෙන බවක් අමාත්‍යවරයා සඳහන් නොකළ බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කරයි.

ඔහු කියා සිටින්නේ නිවාස ආශ්‍රිතව කර්මාන්තවල යෙදෙන පුද්ගලයන්ට විදුලි බිලට සහන ලබා දෙන බව ප්‍රකාශ කළත් කර්මාන්ත කාණ්ඩයේ බිල අඩුවන බවක් අමාත්‍යවරයා සඳහන් නොකළ බවයි

මේ වන විට රුපියල් තිහකට ආසන්න ස්ථාවර ගාස්තුවක් ඉන්ඩස්ට්‍රියල් කාණ්ඩයේ කර්මාන්තකරුවන් විදුලි බල මණ්ඩලයට ගෙවන බවත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට මෙය ගැන සඳහනක් නොකර සිටියේ නම් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කර එයටද සහන ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.

”කර්මාන්තකරුවන් විදියට මේ විදුලි බිල අඩුවීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් තිබෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන දෙලක්ෂ පනස්දාහක් පමණ කර්මාන්ත මේ වන විටත් විදුලිබිල හේතුවෙන් වැසී තිබෙනවා. කරුණාකර ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. විදුලි බල පනත ඊයේ දිනයේදී සම්මත වුණා. ඒක ඉතාම හොඳ දෙයක්. අපි දැක්කා විදුලිබල මණ්ඩලයට අලුත් ආයෝජකයන් එනකොට මේ වෘත්තීය සමිති මේ පිළිබඳව දැඩි විරෝධයක් දක්වනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙම විදුලි බල පනත හරහා අලුත් ආයෝජකයෝ ශ්‍රී ලංකාවට පැමිණ විදුලි බිල අඩු කිරීමට යම් දායකත්වයක් ලබා දෙයි කියලා. පනතේ යම් යම් අඩුපාඩු තියෙනවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සහ භෞමික අඛණ්ඩතාවේ පිළිබඳව ගැටලු තිබෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ.” යනුවෙන් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැල්ලවායෙන් මතු වූ අපූරු සොරෙක්..

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW : වෙළෙඳසැල් කිහිපයකට පැමිණි...

කලබල වෙන්න දෙයක් නෑ. අපි කියපු විදිහටම ඒක කරනවා!

කොළඹ LNW:විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක්...

දරුවන් ඇතුළු සිය ගණනක් මළ සිරුරු භූමදාන කිරීමට බල කළ බව කියන කර්ණාටක ධර්මස්තාලා කෝවිලේ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණි ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවක් තිස්සේ...

මාලදිවයින් ජනාධිපතිගෙන් ජනපති අනුරට ආරාධනයක්!

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW : මාලදිවයින් ජනාධිපති මොහොමඩ්...