තවත් එන්නතක් හදීසි මිලදී ගැනීම යටතේ වැඩි මිලකට අරන් – විපක්ෂ නායක සජිත් රජයෙන් කරුණු විමසයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බැක්ටීරියා මඟින් ඇතිවන ආසාදනවලට භාවිත කරන මෙරපනම් නම් එන්නත ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය සැපයුම් පද්ධතියේ තිබියදීත් හදිසි මිල දී ගැනීම් යටතේ එන්නත් කුප්පි 450,000ක් මිලදී ගැනීමට රු. තිස්හය කෝටි අසූනව ලක්ෂ පනස්පන්දහසක් වැය කර ඇති බවත් මෙම එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇනවුම යටතේ රු. 1075.68කට ලබා ගත හැකි වුවත් මිල දී ගෙන ඇත්තේ රු.1895.50ට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ වන විටත් අප රටේ එන්නත් කුප්පි 488,590ක් තිබී ඇති බවට විගණන වාර්තාවේ සඳහන් බවත් එවැනි තත්ත්වයක් මත හදීසි මිල දී ගැනීමක් සිදු කළේ ඇයි ද කියා ගැටලු සහගත බවත් ඒ නිසා මේ ගැන විධිමත් ප්‍රකාශයක් කර පැහැදිලි කිරීමක් කරන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැපයුම්කරුවන් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබී ටික කාලයක් තුළ හදිසි මිලදී ගැනීම් හරහා මෙම වංචාව සිදු කර ඇති නිසා මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...