*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී හර්ෂට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්.තර්ජන නවතන්නැයි සජිතුත් ඉල්ලයි!

කොළඹ LNW:තමාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ කුහක ක්‍රියාවක් සිදුවෙමින් පවතින බවට එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් අත්සන් එකතු කරමින් සිටින බවටයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේවෙතත් තව දුරටත් තමාව එම ධුරයට අවශ්‍ය නැතිනම් ඉල්ලා අස්වීමට සුදානම් බව ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය නිසා තමන් සිටින්නේ ආතතියෙන් බවත් රුධිර පීඩනය වැඩි වී මිය යාමට වුවද හැකි බවයි හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ.

අදාල කාරක සභාවේ රාජකාරි කරගෙන යාමේදී තමන්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවූ බවත් විශේෂයෙන් එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේ තමන්ව ඉවත් කිරීමට සූදානමක් පැවති බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර ඇතැම් අවස්ථාවල කාරක සභාවේ කාර්යමණ්ඩලයට ඇතැම් ගෙවීම සඳහා තම පුද්ගලික මුදල් පවා භාවිතා කිරීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කරයි.

හර්ෂ ද සිල්වා මහතාට එල්ල වී තිබෙන මෙම බලපෑම සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දක්වා සිටියේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් දෙවතාවක් ඉවත් කළ බවත් එතුමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු නිසා රට බංකොලොත් වීමෙන් පසුව විපක්ෂය දිගින් දිගටම සිදුකළ ඉල්ලිම්වල ප්‍රතිඵලයක් ලෙස එතුමා එම කාරක සභාවත් පත් කළත් අද වන විට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඇවිත් ඔහුට තර්ජනය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේදී VFS ගනුදෙනුව ගැන සොයන විට ඔහුට තර්ජනය කර ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මේ ගනුදෙනුව තුළ මහබැංකු ගනුදෙනුවටත් වඩා බරපතල විනාශයක් සිදුව ඇති බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඒ ගැන සෙවීමට ඉඩ ලබා දී රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එල්ල කරන තර්ජන වහා නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan