ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තු ඉදිරියට

Date:

නිශ්මං රණසිංහ ජුනි 07, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ව්‍යාප්තියට මෙන්ම ආර්ථිකයේ ප්‍රබෝධයට ද හිතකර වූ මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ ආරම්භක දිනයේදී ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වූ බලාපොරොත්තු දෙකක් වන නිලූක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා සිය වයස් ඛාන්ඩවල ඒකල තරග ජයග්‍රහණය කරමින් ඉදිරි වටය සඳහා පහසුවෙන් පිවිසෙන්නට සමත් වුණා.


නිලූක මේ දක්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස සැළකෙන අතර ඔහු තවමත් ඔලිම්පික් තරගයකදි තරගයක් ජයග්‍රහණය කරන්නට හැකි වූ එකම ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.ජාතික සූරයෙකු ලෙස වාර්තාගත ජයග්‍රහණ ප්‍රමාණයකට හිමිකම් කියන නිලූක මෙන්ම විශාල වාර ගණනක් ජාතික සූරිය ලෙස කිරුළු පැළදි රේණු චන්ද්‍රිකා ද සිල්වා මේ වන විට ජාත්‍යන්තර ජයග්‍රහණ ගණනාවක් ශ්‍රී ලංකාවට ප්‍රවීන ක්‍රීඩිකාවක ලෙස දිනා දි ඇති ක්‍රීඩිකාවකි.


නිලූක වයස 35 න් ඉහළ තරග කාණ්ඩයේ තරග වඳින අතර චන්ද්‍රිකා වයස් 45 ට ඉහළ තාණ්ඩයේ තරග වඳියි.ඊට අමතරව නිලූක 35 ට ඉහළ පිරිමි යුගල අංශයෙන් සහ 110 එකතුවට වැඩි වයස් කාණ්යෙන් ද තරග වඳියි.35 ට වැඩි යුගල තරගවලදි නිලූකගේ සඟයා වන්නේ චරිත් විජේනායකයි.අවුරුදු 110+ තරග කාණ්ඩයේදී නිලූකගේ සඟයා වන්නේ ඉන්දුනීසියා ජාතික ප්‍රීට්ස් මේන්කි යි.


ප්‍රියංගිකා අබේරත්න සමඟ වයස 45 න් ඉහළ කාන්තා යුගල තරගවලට තරග වඳින චන්ද්‍රිකා වයස 120+ තරග කාණ්ඩයේදි රොහාන් ද සිල්වා සමඟ එක්ව තරග බිමට පිවිසෙනවා.දේශිය වශයෙන් මෙම වයස් කාන්ඩය තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වන චන්ද්‍රිකා සහ රොහාන් සුසංයෝගය ගැන ද ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තැබිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...