ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන තෙක් ඊශ්‍රායලයෙන් අඛන්ඩ ප්‍රහාර

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් ඊශ්‍රායල හමුදාව ලෙබනනයට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන බවට ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ(06)දිනයේදී විශේෂ ප්‍රකාශක් නිකුත් කරමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික නොකළහොත් බෙයිරූට්හි සන්සුන් භාවයක් ඇති නොවනු ඇති බවත්, ගිවිසුම්වලට ගරු කළ යුතු අතර, ඔබ අවශ්‍ය දේ නොකරන්නේ නම්, වැඩි බලයෙන් අපි දිගටම ක්‍රියා කරන්නෙමු යනුවෙනි.

හිස්බුල්ලා හමුදාව විසින් බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශ වල ඊළඟ යුද්ධය සඳහා UAV[ඩ්‍රෝන] නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන හිස්බුල්ලා ඩ්‍රෝන් කර්මාන්තශාලා ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු මුස්ලිම් ඊද් අල්-අදා නිවාඩු දිනයට පෙර පදිංචිකරුවන් විශාල සංඛ්‍යාවක් තම නිවෙස්වලින් පලා යනු ලැබිය.

2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහි යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර යුද්ධය නැවත ඇති වූ අතර පසුගිය දෙසැම්බර් මාසයේ එක්සත් ජනපදයේ හා ප්‍රංශයෙන් මැදිහත්වීම මත ඊශ්‍රායලය හා ලෙබනනය අතර සටන් විරාමයක් ආරම්භ විය.

සටන් විරාමයෙන් පසු මාස ​​කිහිපය තුළ, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 190 දෙනෙකු මිය ගොස් තවත් 500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ලෙබනන් රජය ප්‍රකශ කර ඇති අතර හිස්බුල්ලා රොකට් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල හමුදා නිලධාරීන් 87 දෙනෙකු සහ සිවිල් වැසියන් 46 දෙනෙකු මිය ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...