වගාවන්ට හානිකරන කූඩිත්තන්, පණුවන් වැනි පළිබෝධකයින් මෙන්ම රිලවා ද පළිබෝධකයකු වශයෙන් නම්කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
“රිලවා පළිබෝධකයෙක් ලෙස නම්කර ඇත. තමුන්නාන්සෙලාගෙ කුඹුරට, එළවලු කොටුවට පළිබෝධකයෙක් ආවොත් – පළිබෝධකයෙක් කියන්නෙ මැස්සෙක් වෙන්න පුළුවන්, කූඩිත්තෙක් වෙන්න පුළුවන්, ඉගිළෙන එකෙක් වෙන්න පුළුවන්, පණුවෙක් වෙන්න පුළුවන් – මොකෙක් හරි ආවොත් තමුන්නාන්සෙලා මොකක්ද කරන්නෙ ? ආ … රිලවා ද පළිබෝධකයෙක් ලෙස නම්කර ඇත. ඊට වඩා මම මොකුත් කියන්නෙ නෑ. හරිද ?”
නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ කුරුණෑගල, මල්ලවපිටිය ප්රදේශයේ පැවති රැස්වීමකදී ය.
මීටපෙර නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් දිවයින පුරා රිලා සංගණනයක් ද සිදුකෙරුණු අතර එහි දත්ත වැරදී බවක් පසුව කියැවිණි. රිලවා පළිබෝධකයකු වශයෙන් නම්කිරීම යනු රිලා සංහාරයකට අවශ්ය නීතිමය අවසරය ලබාදීමක් බව පෙනේ.


