*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

අන්තරේ විරෝධයට අදත් පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්!

කොළඹ LNW:අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පාගමනට ශ්‍රී ජයවර් ධනපුර විශ්ව විද්‍යාලය ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

මාර්ග බාධක නොතකා පාගමන ඉදිරියට යාමට උත්සහ කිරීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට එලෙස එම ප්‍රහාර එල්ල කර තිබුණි.

ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර නොතකමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට ශිෂ්‍යයින් සිය විරෝධය පවත්වාගෙන යන ලදී.

”IMF කොන්දේසිවලට අධ්‍යාපනය – සෞඛ්‍ය විකුණන,ජන අයිතීන් කොල්ලකන,රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු!/ජීවන බරට අනුව මහපොල-ශිෂ්‍යාධාර
වහා ඉහළ දමනු!/ප්‍රමාදකළ මහපොළ-ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු!/ සිරගත කර මාස 5 ඉක්මවයි.කැලුම් මුදන්නායක-දිල්ශාන් හර්ෂණ වහා නිදහස් කරනු!/ ඉගෙන ගන්න ඉඩදියව්!/ කෑම මිල,අධ්‍යන වියදම් දරන්න බෑ මිල ගණන් වහා පහත හෙළනු!” යන සටන් පාඨ මුල්කරගනිමින් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතා පාගමනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) උදෑසන වාරණ නියෝගයක් ද නිකුත් කෙරුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan