ෆේක් නොවන ෆේත්ගේ දරා ගැනීම සහ වේගය

Date:

වේගය පිළිබද අදහස සාපේක්ෂය.මීටර් 100 තත්පර 10.60 ධාවනය කරන්නියක වේගවත්ම ක්‍රීඩිකාව සේ අපි දකිමු.නිකමට අප මීටර් 1500 ක් දුවන්නියක තත්පර 229 න් පමණ දුවන බව සිතන්න.එවිට මීටර් 100 ක් දුවන්නට කොපමණ කාලයක් වැය වේද? දල වශයෙන් තත්පර 15.26 පමණ වේගයකි.එතරම් වේගයකින් සහ දරා ගැනීමකින් මීටර් 1500 ක දුරක් දුවන්නියකද යම් ආකාරයක වේගයේ ප්‍රාතිහාර්යයකි.මේ ප්‍රාතිහාර්ය කරන්නී ෆේත් කිප්යෙගොන් ය.


ඉතියෝපියාවේ ජිනිෂෙබේ ඩිබාබා 2015 දී මීටර් 1500 ඉසව්ව 3:50.07 න් නිමා කර පිහිටුවා තිබූ වාර්තාව පසුපස බොහෝ කාලයක් හඹා යමින් සිටි ෆේත් එය ගෙවුණු ජූනි 02 වන දා සැබෑ කර ගත්තාය.ඉතිහාසයේ පළමු වරට මීටර් 1500 ඉසව්වක් විනාඩි 3 තත්පර 50 අඩුවෙන් ධාවනය කිරීමේ හැකියාව ඇය නමට ලියැවිණ.කාලය විනාඩි 3:49.11 ක් වූ ආශ්චර්යයකි.
ෆේත් මේ වන විටත් ඔලිම්පික් රන් පදක්කම් දෙකක්ම මීටර් 1500 වෙනුවෙන් ගෙල පැළද ගෙන ඇත්තියිකි.ලෝක සූරතා රන් පදක්කම් රන් පදක්කම් ද දෙකකි.රත්තරන් වුණු 1500 මතක බොහොමයක් ජාත්‍යන්තර පිටියේ තිබුණත්,ෆේත් ට එහි විශිෂ්ඨයා සේ ලෝකයට එකතු වීමේ සිහිනය සැබෑ කර ගන්නට තිබූ උවමනාව ජයග්‍රහණය කරන්නට ලැබුණේ 2023 ජූනි 02 වන දා ඉතාලියේ ෆියෙන්සි හී දී ය.


කෙන්යාවේ බොමෙට් ප්‍රාන්කයේ ඉපැදි ෆේත් වර්ථමානයේ ජීවත්වන්නේ කෙරින්ගට් ප්‍ර දේශයේය.එය කෙන්යාවෙන් උගන්ඩාව දෙසට වන්නට ඇති රිෆ්ට් වැලි නම් වූ කෙන්යාවේ ආර්ථිකයට වැදගත්ම ප්‍ර දේශය හැටියට සැලකුම් ලබන්නේය.
ෆේත් වත්මන් පදිංචියට සංක්‍රමණය වන්නේ කලකට පෙර සිය සැමියා වන 2012 දී ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනූ තිමොති කිතුම් නිසාය.ඔහු උපන් ස්ථානය මීට පෙර රිෆ්ට් වැලි වෙත යා ව තිබුණු එකකි.
මොවුන් දෙදෙනාම ඉක්මණින් විවාහ දිවියට පිවිසුණහ.එහි ප්‍රතිපලයක් ලෙස ඇලීන් ඔවුන්ගේ කැදැල්ට පැමිණෙන්නේ 2018 දී ය.ඒ වන විටත් 2017 දී ඇය ලෝක මලල ක්‍රිඩා සූරතාවලියේ සහ ඩයමන්ඩ් ලීග් තරගාවලියකද මීටර් 1500 රන් පදක්කම් ගෙල ලා ගෙන උන්නාය.


ඇලන් කැදැල්ලට පැමිණිමෙන් පසු මද කලකදි යළිත් පුහුණුව අරඹන ෆේත් ඔප්පු කර පෙන්වන්නේ ඇයගේ විශ්වාසය ය.මවක වීමෙන් නොසිදි සිවිය සහ වේගය ද,විශ්වාසයද කැටුව ධාවනයේ යෙදෙන ෆේත් අවුරුදු දෙකේ සිටි ඇලන්ට බලන්නට ඔලිම්පික් රන් පදක්කමක් ගෙදර ගෙන ආවාය.ඒ ටෝකියෝ ඔලිමිපික් උළෙලේදී ඇයගේ ගෙල පැළදෙන්නේ දෙවන ඔලිම්පිත් රන් පදක්කමය.ෆේත් පළමුවරට ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගන්නේ 2016 රියෝ ඔලිමිපික් ඔලිම්පික් උළෙලේ මීටර් 1500 ඉසව්වෙන්ය.
ඇලීන් පැමිණි පසු ඇය මවක සේ සිය දියණියට දිය යුතු ආදරය සහ ආඩම්බරය ජයග්‍රහණ සේ තීරණයා කළා වැනිය.ෆේත් පරාජය කිරීම පහසු කාරණයක් නොවන තත්ත්වයට පත් වුණ ද ඇයට ඩිබාබි ගේ ලෝක වාර්තා කාළය ද ජයගැනීම අත්‍යවශ්‍ය වී තිබිණ.ඇය ඉතාලියේදී කළේ ඒ දෙයය.


ඇය ඇගේ නම මෙන්ම එම ජයග්‍රහණයට දැඩි විශ්වාසයකින් පිවිසියාය.ඇයට අභියෝග කරන මට්ටමේ ප්‍රධාන මට්ටමේ තරගකාරියන් කිසිවක් ඒ තරගයේ නොසිටියාය.වේගය වැඩි කරන්නට අවශ්‍යය අභියෝග වෙනුවට ෆේත් තුළ වූයේ තමන්ගේ වේගයත් දරා ගැනීමත් ගැන විශ්වාසය ය.ඇය අසළක කිසිවෙකුත් නොසිටිය ද දිව යා යුතු වේගය දැන උන්නාය.ලොව පළමු වරට විනාඩි 3:50 වඩා අඩු ගණනකින් මීටර් 1500 දිව ගිය කාන්තාව සේ ෆේත් ඉතිහාසයට එකතු වෙද්දී දෙවැන්නිය සිටියේ විනාඩි 3:57.09 ක ය.ඇය බ්‍රිතාන්‍යයේ මූර් ලෝරා වූවාය.ඇය මේ කාලයේ වාර්තා කළ හොඳම කාලය එය වූ අතර තෙවැන්නිය වූ හුල් ජෙසිකා වාර්තා කළ කාලය වූ විනාඩි 3:57.29 ඔස්ට්‍රේලියානු වාර්තාවක් විය.


එම කාලයන් හා සසදද්දී පැහැදිළි වන්නේ ෆේත් තරග කර ඇත්තේ තමන් සමඟම බවය.ඉන්නේ කවුද යන්න ඔවුන් කෙතරම් වේගයෙන් දුවන්නේ ද යන්න ෆේත් ට අදාළ වී නැත.ඇය උත්සාහ කර ඇත්තේ ඒ මොහොතට දැක්විය හැකි හොඳම දක්ෂතාවය වෙනුවෙන් දිය යන බවය. දිනන විට හොඳම දක්ෂයා සේ දිනන්න සහ එය වෙුනවෙන් විශ්වාසයෙන් කටයුත් කිරීම වැදගත්ය.ෆේක් නැත.ෆේත් එවැන්නියකි.ඇය තව බොහෝ දේ කළ හැකි අම්මා කෙනෙකි.ඇලන්ට කවදා හෝ අම්මා ගැන කියන්නට වීර කතා තොගයක් ඉතුරු කරමින් ෆේක් ඉදිරි ධාවන ජීවිතය ද ඉහළ ජයග්‍රහණ සමඟින් ගත කරනු ඇත.


ඇය මේ සියල්ලටම ඇය පිටුපස සිටි පිරිසට වාර්තාවෙන් පසුව ස්තූති කරන්නට අමතක නොකළාය.ඇයව අප දකින්නේ තනිව ධාවන පථයේ දුවන බව වුව ද,ඒ ශක්තියට,දරා ගැනීමට වචනය ඉක්මවා බොහෝ කැපවීමෙන් ආදරය,සහයෝගය,සවිය දෙන බොහෝ අය වෙති.ඒ සියල්ලමත්,ඇයට ධාවන පථයේ දිරියක් වන්නට වචනයක් හෝ එකතු කළ සැවොමත් පාමුල,වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇය සොයා එනු ඇතැයි බලා සිටි ලෝක වාර්තාව සපැමිණි මොහොතේ සිය ස්තූතිය භක්තියෙන් යුතුව පුද කළාය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...