කළු-කොළ යුද්ධය මත දිවෙන “හවුස් ඔෆ් ද ඩ්‍රැගන්” සීසන් 02!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): “හවුස් ඔෆ් ද ඩ්‍රැගන් (House of the Dragon – season 1)” හි අවසාන එපිසෝඩය තුළින් සිවිල් යුද්ධයක් සඳහා වේදිකාව සකස් කරමින් මකරුන්ට එරෙහිව මකරුන් ද, ඥාතීන්ට එරෙහිව ඥාතීන් ද සටන් කිරීමේ මහා සංග්‍රාමයට මුල් අඩිතාලම දැමීය.

දැන්, යකඩ සිංහාසනය සහ ඒ සමඟ එන රාජධානි හතේ බලය සඳහා සටන මෙම ගිම්හානයේදී ආරම්භ වීමට නියමිතය.

Marca.com

“හවුස් ඔෆ් ද ඩ්‍රැගන් (House of the Dragon)” හි රසිකයන් පුන පුනා බලා සිටි දෙවන වාරයෙහි මංගල දර්ශනය ජුනි 16 ඉරිදා නිකුත් කිරීමට මේ වනවිට සියල්ල සූදානමින් පවතී.

The Hollywood Reporter

පළමු කතා වාරය නැවැත්වූ තැනින්, ඉදිරියට ගෙන යමින් වෙස්ටරෝස් පාලනය කරන්නේ කුමන ටාර්ගේරියන් ද යන්න සම්බන්ධයෙන් සහ දෙවන ඒගොන් රජු (Tom Glynn-Carney) සහ Rhaenyra රැජින (Emma D’Arcy) වෙනුවෙන් සටන් කරන කන්ඩායම් අතර ඉදිරියට එන යුද්ධය පිළිබඳ වාර්තා කරනු ඇත.

Deadline

“හවුස් ඔෆ් ද ඩ්‍රැගන් (House of the Dragon)” පාදක වී ඇත්තේ ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින් විසින් ඔහුගේ “අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් (A Song of Ice and Fire)” මනඃකල්පිත නවකතා මාලාවේ නිර්මාණය කරන ලද ලෝකය මතය.

“ගේම් ඔෆ් ත්‍රෝන්ස් ( Game of Thrones0” හි පූර්විකාවක් ලෙස, මෙම කතා මාලාව ටාර්ගේරියන් රාජවංශයේ බෙදීම සහ වැටීම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනු ඇත.

මේ ඇරඹෙන්නේ කළු-කොළ යුද්ධයේ උණුසුම්ම කාර්තුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...