රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සම්මතයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කර තිබේ.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේදී කාරකසභා අවස්ථාව එළඹි අතර එහිදී ඊට සංශෝධන එක් කෙරිණි. අනතුරුව පනත්කෙටුම්පත තෙවනවර කියවීම ද සම්මත විය.

ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබාදීම සහ ඇපකර නිකුත් කිරීම ආදී රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම මෙන්ම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...