කලකදි වහ ලු කලකදි රහ වෙනවාලු : චම්පික රහසේම බැසිල් හමුවෙලා ?

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් පැවැත්විලා කියලා ආරංචියි.

මේක සිද්ධ වෙලා තියෙන්නේ පහුගිය අඟහරුවාදා දිනයේදී ලු.

රාජපක්ෂලාව දේශපාලනයෙන් එළවලා පරසක්වල ගහන ටෝක්ස් දිදී හිටියත් මීළඟ මහමැතිවරණයට ඉල්ලන්න සන්ධානයක් නැති නිසා චම්පික රණවක මේ වැඩේ කරලා කියලා තමයි කියවෙන්නේ.

චම්පික රණවක සද්දෙ දාන් සමගි ජන බලවේගයෙන් එළියට බැස්සාට මොකද, පහුගිය ටිකේ ආපහු සජබට එකතු වෙන්න ට්‍රයි එකක් දීලා ලු. ඒත් එහෙන් ප්‍රතිචාරයක් නැති නිසා දැන් පොහොට්ටුව පැත්තට හැරිලා ලු. කෙළින්ම පොහොට්ටුවට යන්නත් බැරි නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙමින් වටරවුම් පාරකින් සෙට් වෙන්න තමයි ලු ප්ලෑන් එක.

විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා කිව්වාට චම්පික කාලයක් තිස්සේම යටින් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක ගනුදෙනු කරමින් තමයි හිටියේ. චම්පික සජබ ඉන්න කාලෙත් ඒ ගනුදෙනුව තිබුණා. දැන් ඒක එළිපිටම කරන්න වගේ සූදානම.

බලන් ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...