කාලගුණයේ යළිත් වෙනසක් ….

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේ සිට බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...