ජනපති රනිල් දිලිත්ගේ ගෙදර යයි. දිලිත්ගේ ගෙදරදී විමල් – ගම්මන්පිල එක්කත් සාකච්ඡා කරයි ?

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතර විශේෂ හමුවක් පහුගිය අඟහරුවාදා (04) විශේෂ විදියකට සිද්ධ වෙලා ලු.

කතාව මෙහෙමයි,

ජනාධිපතිතුමා පහුගිය අඟහරුවාදා එකපාරටම දිලිත් ජයවීරගේ ගෙදර ඇවිත්. දිලිත් මේ දවස්වල පදිංචි වෙලා ඉන්නේ කොළඹ ප්‍රධානම පෙළේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක. ජනාධිපති රනිල් කිසිම පූර්ව ආරක්ෂක විධිවිධානයකින් තොරව, බොහොම සාමාන්‍ය විදියට සැරසිලා, ආරක්ෂකයින් තුන්දෙනෙක් විතරක් එක්ක මේ ගෙදරට ඇවිත්.

ඕක දන්න කට්ටිය හිතලා තියෙන්නෙත් ජනාධිපතිතුමා මේ දිලිත්ගේ දුක සැප බලලා යන්න එන්න ඇතියි කියලා ලු. හැබැයි දිලිත්ගේ ගෙදර ඒ වෙනකොටත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු සර්වජන බලය සන්ධානයේ නායකයින් පිරිසක් ඉඳලා.

ඉතින් ජනාධිපතිතුමා මේ කට්ටියත් එක්ක පැයක් විතර බොහොම සුහදව සාකච්ඡා කළා ලු. එහෙම සාකච්ඡා කරලා මේ අය ආණ්ඩුවට සම්බන්ධ කරගන්න එකඟතාවකටත් ආවා ලු. ඔතනින් කීපදෙනෙකුට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරු ලැබෙන්නත් නියමිතයි කියලායි ආරංචිමාර්ග කියන්නේ.

ඒ අනුව, සර්වජන බලය හදාගෙන දිලිත් පැළඳගත්තු උරචක්‍රමාලය ජනාධිපති රනිල්ගේ කරේ පළඳවන්න ලහි ලහියේම කටයුතු සිද්ධ වෙමින් පවතින බවක් තමයි අහන්න ලැබෙන්නේ.

පුදුම වෙන්න දෙයක් නෑ, ඡන්ද කාලෙ ළඟයි නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...