*
Friday, December 13, 2024
spot_img

Latest Posts

නුවන්ගේ උත්සාහය දසුන්ගේ පුල්ටොස් එක හමුවේ පුස් වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 08, කොළඹ (LNW):

බංගලාදේශ ඉණිමේ 18 වන ඕවරයේ දී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව දෙසට නැවත ජයග්‍රහණය හරවා දෙන්නට නුවන් තුෂාරට හැකියාව ලැබුණත්,19 වන පන්දු ඕවරයේ පළමු පන්දුව, බංගලාදේශය සතුව ඉතුරුව සිටි එකම පිතිකරුවා වන මහමදුල්ලා රියාද් වෙත පුල්ටොස් පන්දුවක් ලෙස යොමු කළ,දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දැම්මේය.එම පන්දුවට හයේ පහරක් එල්ල කළ මහමදුල්ලා බංගලාදේශය වෙත පිතිකරුවන් නොවන පන්දුවට පහර දෙන්නන් දෙදෙනෙක් සමඟ එල්ල වී තිබුණු පීඩනය ලිහිල කර ගත්තේය.එහෙත් 19 වන පන්දු ඕවරයේදී යළිත් ලකුණු 2 ක් පමණක් තිබියදී වනිදු හසරංගට කෙළින්ම කඩුල්ලට පන්දුව එල්ල කර මහහදුල්ලා දවා ගන්නට ද අවස්ථාවක් ලැබුණ ද එයද ව්‍යර්ථ විය.


තණතීරුවේ ස්වභාවය පිටත සිට විචාරය කරන අපට පෙනෙන අයුරින් සළකා බලද්දී දසුන් ශානක පන්දු යැවීමට නො’කැඳවා අවසන් ඕවර්වලට පෙර ධනංජය සිල්වා යොදවීමට තිබුණු බව හැඟුණත්,එම මොහොතට මුහුණ දිය යුතු වන්නේ පිටිය මැද සිටින ක්‍රීඩකයන්ය. සජීවී ව එය විඳින්නේ සහ දකින්නේ ඔවුන්ය.


මතීශ පතිරව යහපත් තත්ත්වයට පත්වීම මුල සිටම සිඳු විණිනම් ඔහුගේ පන්දු ඕවර් 4, ලකුණු 27 ට අඩු ලකුණු ප්‍රමාණයකට රඳවා ගන්න මෙන්ම ලබා ගත් කඩුල්ලට තවත් කඩුලු එකතු කර ගැනීමට ද හැකියාව තිබිණි.නුවන් තුෂාර පන්දු ඕවර් 4 ට ලකුණු 18 ක් පමණක් දී කඩුලු 4 ක් දවා ගත්තද ඔහු විසින් නිවැරදිම ඉලක්කය හැම පන්දුවකදීම රඳවා ගත්තේනම් වයිඩ් පන්දු 5 ක් ඔහුගේ ලකුණු ප්‍රමාණයෙන් මෙන්ම බංගලාදේශ ඉණිමේ මුළු ලකුණු ප්‍රමාණයෙන් ද අඩු වන්නට තිබිණි.


තරගයේ කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට කළ ආරාධනය වැරදි එකක් සේ හැඟෙන තරමට මේ තරගයේ හොඳින්ම පන්දුවට පහර දුන් පැතුම් නිශ්ශංක ක්‍රියාත්මක විය.ඊට සරිලන සහයක් නොලැබුණ ද,චරිත් අසලංක හතරවන කඩුල්ල ලෙස ලකුණු 100 දී දැවී යමෙන් ඉනික්බිතිව සිඳු වූයේ පිටියට පිවිස පළමු පන්දුවෙන්ම වනිඳු හසරංග දැවී යාමය.ඒ ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 123 ක මුළු ලකුණු සංඛ්‍යාව ඊට වඩා ඉහළ තලයකට තල්ලු කරන්නට තිබුණ ඉඩ වැසී ගිය මොහොත හැටියට හැඳින්විය හැකිය.


ධනංජය ද සිල්වා ලකුණු 21 ක් එකතු කළ අතර අවසානයේ දී ඇන්ජලෝ මැතිවිස් කඩුලුත් බේරාගෙන ලකුණුත් එකතු කිරීමේ වගකීම තනියෙන් උර මත පටවා ගෙන ගත් උත්සාහය 20 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී අහිමි විය.එසේම චරිත් අසලංක සහ ධනංජය යම් උත්සාහයක් ගනිමින් 4 වන කඩුල්ලට ලකුණු 30 ක් එකතු කළ ද,එම ලකුණු 30 ට එකතු වෙන්නට තිබුණු තවත් ලකුණු කිහිපයක් ඔවුන්ට නැති වුණේ කඩුලු අතර දිව යාම ඉතා සෙමින් සිඳු වූ බැවින්ය.


කාලයක් තිස්සේ කඩුලු අතර දිවීමේ යම් මන්දගාමී ස්වභාවයක් තිබුණු අතර එය ලෝක කුසලාන තරගාවලියට ඒමේදී ද නිවැරදි වී නොතිබීම කණගාටුදායකය.අඩුම තරමේ සියලු දෝෂ සිඳු නොවිණිනම් ශ්‍රී ලංකාවට මේ ලකුණු පූවරුවට තවත් ලකුණු 20 ක් 10 ක් අතර ලකුණු ප්‍රමාණයක් හෝ පහසුවෙන් එකතු කර ගන්නට තිබුණු බව පැහැදිළිය.එසේ නොවුණු නිසා ලැබුණු ලකුණු 125 ක ඉලක්කයට ද බංගලාදේශය සපැමිණියේ බොහෝ අසීරුවෙන්ය.19 වන පන්දු ඕවරයේ දසුන් ශානක කිසිසේත්ම එල්ල නොවිය යුතු පන්දුවක් සිය අතින් මුදා නො’හරින්නට මේ සටහනට අදාළ ජයග්‍රාහකයා ශ්‍රී ලංකාව වෙන්නට තිබිණි.


බංගලාදේශයට ලකුණු 124 දක්වා යාම එතරම් පහසු නොවිණි.ධනංජය පළමු පන්දු ඒවරයේදී ම ලකුණු නොලබා සෞම්‍ය සකාර් දාවා ගත්තේය.ලකුණු 5 වන විට කඩුලු 2 ක් අහිමිව තිබුණ බංගලාදේශය ලකුණු 28 වන විට කඩුලු 3 ක් අහිමි කර ගෙන උන්නේය.මෙවැනි තර්ජනයකින් නැඟිටින්නට අවශ්‍යයම කරන හොඳ සබඳතාවයක අවස්ථාව බංගලාදේශය වෙනුවෙන් සපුරා දුන්නේ මේ අවස්ථාවේදී ය.එහිදී පන්දු 20 දී ලකුණු 40 ක් ලබා ගත් තවුහීඩ් හ්‍රීඩෝයි වනිඳු හසරංගට පිට පිටම එල්ල කරන ලද හයේ පහර තුන වන තෙක්ම තරගයේ ලකුණු වේගයෙන් බංගලාදේශයට තර්ජනයක්ව තබන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්ව උන්හ.ලිටන් ඩාස් වගකීම් සහගත ඉණිමකින් පන්දු 38 ව් ලකුනු 26 ක් එකතු කළ අතර ඔහු සහ හ්‍රීඩෝයි 4 වන කඩුල්ලට එකතු කළ ලකුණු 63 ක සබඳතාවය තරගයේ ජය බංගලාදේශය පැත්තට හරවන්නට සමත් වූ ප්‍රධානම වංගුවක් විය.


තරගයේ ලකුනු විස්තරයට පහතින් පිවිසිය හැකිය.


https://es.pn/3yPMTvB
තරගයේ පරාජය සම්බන්ධයෙන් ඉහළින්ම සතුටු විය හැකි ලාංකිකයා වූයේ චන්දික හතුරුසිංහ ය.ඔහු පුහුණුකරුවෙක් ලෙස වාසනාවන්ත කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සිඳු වූ සුළු ලිහිල් කිරීම් ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නට බංගලාදේශ පිතිකරුවො සමත් වූහ.ඒ අතරින් හ්‍රීඩෝයි සහ මහමදුල්ලා නිසි මානසික ඒකාග්‍රකාවයකින් කටයුතු කිරීම කැපී පෙණින.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan