නීතිය වල් වැදුණ සෝමාලියාවක් ….

Date:

වැරදිකරුවන්ට දඬුවම් දියයුත්තේ ගරු අධිකරණය විසින් මිස තවත් අපරාධ චෝදනාවන්ට හිරේ ගිය හිරකරුවන් විසින් නොවේ…

දරුවාට පහර දුන් ඒ නූගත් පියා ද පියාට රෝහල්ගතවන සේ පහර දුන් හිරකරුවන් ද අයත්වන්නේ එකම නරුම ගෝත්‍ර කුලකයකටමය..

ඒ වගේම ස්ත්‍රී දූෂණ වලට ඇතුලට ගිය සාරුවා සුනිල්ලට, කුරාම්ෂේක් ස්ත්‍රී දූෂන හා ඝාතන චෝදනාවන්ට හිරේ ගිය චන්ඩි සම්පත්ලට පහරදෙනු තබා මොනම රැඳවියෙක්වත් ලඟටවත් ගියේවත් නැත.. හැම එකාම උඩ පැන පැන පහරදෙන්නේ කිසිම හයියක් නැති පරඬැල් වලට පමණි… එයද නරුම ගෝත්‍රකමේම ලක්ෂනයකි..

මේ නිවුස් එක යටින් මේ පියාට පහර දුන් රැඳවියන්ට ආශීර්වාද කල කොමෙන්ට් විශාල ප්‍රමාණයක් තිබින.. මේ දූපතේ බන්ධනාගාර සමාජයේද එළියේ සමාජයේද රජයන්නේ එකම වල් ගෝත්‍ර මනෝබාවයකි.. අන්න ඒකයි මම කියන්නේ ජනප්‍රියවාද වලින් හැමවිටම එන්ට නියමිත කැලෑ නීතියක් කියලා..

මාර රටක්.. අපරාධ කාරයන්ට අපරාධකාරයෝම දඬුවම් කරන රටක් !

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...