ශ්‍රී ලංකාවට දිනන්නත් තිබුණා,ඒත් පැරදුණා

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 08, කොළඹ (LNW):

ශ්‍රී ලංකාව සහ බෘනායි අතර පැවති පළමු ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 1-0 ක පරාජයක් අත් වුණා.තරමක විනිසුරු පක්ෂග්‍රාහී විමක් නිසා ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් පීඩනයකට ලක් වූ අතර මේ නිසා නායක සුජාන් පෙරේරා ද කහ කාඩ් අවවාදයකට ලක් වුණා.


ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ තරගයෙන් පරාජය නොවී සිටීමට මෙන්ම ජය ගැනීමට ද හැකියාව තිබුණු බව පැහැදිළි වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කර ගනිමින් ක්‍රීඩා කිරීමට දැක් වූ පසුබෑම භූතානය සමඟ පැවති තරගයේදී මෙන්ම මේ තරගයේ දී ද දකින්නට ලැබුණා.ඒ තත්ත්වය දෙවන තරගයේදී අඩු කර ගැනීමට දක්වන උනන්දුව මත ශ්‍රී ලංකාවට තරගාවලිය සම කර ගැනීමට මෙන්ම බෘනායි ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයකට යාමට ඇති හැකියාව ද දකින්නට ලැබෙනවා.


ශ්‍රී ලංකාවට වඩා මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10 ක් ඉදරියෙන් සිටින බෘනායි කණ්ඩායම,ඉතිහාසයේ ඉහළින් දස්කම් දැක් වූ ශ්‍රී ලංකාවේ පාපන්දුවට පසුපසින් සිටි කිසිදාක ශ්‍රී ලංකාව පරාජය කිරීමට නොහැකි වූ කණ්ඩායමක් හැටියටයි මේ තරගයට සහභාගි වූයේ.එහෙත් එම ඉතිහාසය වෙනස් කරමින් බෘනායි ක්‍රීඩකයින් තරගය ජය ගැනීමට සමත් වූණා.


සමස්ත තරගය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන යූටියුබ් චැනලයෙන් නැරඹීමට හැකියාව තිබෙනවා.පහතින් දැක්වෙන්නේ එම තරගය නැරඹිය හැකි සබඳතාවයි.
https://bit.ly/3x8Zc5s

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...