*
Friday, December 13, 2024
spot_img

Latest Posts

ඩස්පින් – ඔක්කොම කෙළි අස්සට රිංගනකම්

ඇතුළට ආවම එදා වගේ නැහැ
දැන් නියමයි වාසෙ
ටුවරුත් යනවා මගෙ වැඩ වෙනවා
මට නිදහස් අම්මේ


අමීන් මල්ලිගේ කැමරාව ඉස්සරහා පුංචි රංගනයක් දාන තට්ටෙ තියෙන මනුස්සය හොඳට දැකලා පුරුදුයි.ටීවී සීරියස් වල රගපෑවට වඩා අපට මනුස්සය මතක රඟපාපු මහා බෝලර්ලා හාන්සි කරපු මිනිහෙක් විදිහට.පහුගිය කාලයේ මනුස්සයා ලංකාවෙ ක්‍රිකට් හදන්න සෑහෙන්න කටින් මහන්සි වුණා.ඒ මහන්සිය දැකල දැකලා ඉවසන්න බැරිම තැනම දැන් කාලෙක ඉදලා තනතුරුකත් ඉන්නවා.තනතුරුවල ඉදලා එළියට ගිහිං, “සුමානෙන් දෙකෙන් මේ ස්ටක්චර් එක වෙනස් කරන්න ඕනි” කියලා කෑ ගහනවා.
ඔන්න එතකොට දායක සභාවන්වල සාදුකාරය එක්ක ක්‍රිකට් එක හෙල්ලිලා ගිහිං මොනව හරි ඩොලර් එන මාර්ගයක් හැදෙනවා.එතකොට ඉතිං අර ස්ටක්චර් එක වෙනස් නොවුණය දායකයෝ හිතනවා දැන් නම් වැඩේ හරි කියලා.හුරේ කියලා කෑ ගහනවා.පරදින කොට අර මුලින් කියපු දේවල් දැන් ඉන්න තැන් මතක් වෙයි කියලා අර දායක සභාවල කට්ටිය පටන් ගන්න සංජ්ජායනයෙ මතු වෙන්නෙ තෝරන්න හවුලුත් නැති,උපදෙස් දෙන්න හවුලුත් නැති මේ අය පත්වෙන වගකීම්වලට වගේම ක්‍රීඩකයන්ට විශාල වියදමක් කරන බෝඩ් එකට ඡන්දෙන් එන අය.
ඔන්න ඉතිං කට්ටියට අමතක වෙනවා අර ඉන්න උපදේශකයො කියපු මහා කිකට් සම්බන්ධ පඬි කතන්දර.අඩුම ගණනෙ එහෙම කියපු අය තමයි ක්‍රීඩකයන්ට ළඟින්ම නෙමෙයි ක්‍රීඩකයන් එක්කම ඉන්නෙත් කියලා.
ඒ අස්සෙ රටට තමන්ගෙ දරුවව පූජා කරන්න ආපු මහත්තෙක් ඒ පූජාවෙන් පස්සෙ දැන් හදනවා රට ගැන ප්‍රේම කරන්න පුහුණුවට ඇවිත් ලෝකෙම දණ ගස්සන්න.( පොඩි වැරදීමක් වුණා සිම්බාබ්වේ නැතුව මුළු ලෝකයම) දැන් දුව ඉන්න වයසෙ ඉන්න ළමෙක්ව හුරතල් කරලා උක්කුන් පෙව්ව එක වැරදියට තේරුම් ගත්තු සිම්බාබ්වෙ ජාතිකයො තමන්ගේ පාටටත් වඩා කළු පාටක් මෙයාගෙ නමේ ඇතිල්ලුවෙ නැත්නම් මනුස්සය මේ වෙනකොටත් ලංකාවෙ ක්‍රිකට්වලට ගොඩක් සේවය කරලා.පරිපාලනය ළග ෆයිල් තියෙන නිසා පරිපාලනයට වැදලා පුහුණුකාරකමක් උඩින්ම නෙලාගන්න තමයි දැන් මනුස්සයගේ මහන්සිය.
ඒ වුණාට ඉතිං හැම තැනින්ම ගෙන්නලා ක්‍රිකට් ගැන කතා කර කර මෙයාලව හුරතල් කරන්න මල්ලිලා ටිකක් ඒ අයියලා හදාගෙන තියෙන නිසා වැඩේ නැඟලා යනවා. ඒ නිසා බැණුම් අඩුවෙන් අසා රැදී සිටීමේ න්‍යාය මේ අයියලා හොඳට ඉඟෙන ගෙන තියෙනවා.
ක්‍රිකට් ආයෙ කවදාවත් ලංකාවේ ගොඩ යන්නනෙ නැහැ කියලා පරිපාලනයටත් බැනලා,ආයෙමත් වරද ක්‍රීඩකයො වගකීමක් නැති බව කියනවා.සමහර අය ඉන්නවා ඉතිං තමන් කරපු දේ තව කෙනෙක් තමන් මැරෙනකං කරන්න හොඳ නැහැ කියලා හිතන.එහෙම දෙයක් තමන් ජීවත්ව ඉන්නකම් දකින්න හොඳ නැහැ කියලා හිතන ඒ අයට ක්‍රිකට් භාරදෙන්න කියලා තමයි ඉතිං ඉල්ලුම තියෙන්නෙ.ඒත් වැඩේ තියෙන්නෙ මොකාට මුන්දැ කියන විදිහට මොකාට දුන්නත් කොහොම හදන්නද? ක්‍රිකට් බැරි හාදයොනෙ හම්බ වෙන්නෙ.
මේ දවස්වල දැන් මයික්වලට අරක්ගෙන ඉන්න හුඟක් ක්‍රීඩකයොත් කතා කරන්නෙ වර්ථමානයට බැහැ කියන එක තමයි.ඒ ගමන්ම කියනවා යටි පෙළෙන් ඒවා තමන් ආවොත් කරන්න පුළුවන් කියන එකත්.මේක කඩ මණ්ඩියෙ කිව්වම ඔය කියපු එව්වොත් ඕවයෙ හිටියනෙ.කරපු දෙයක් නැහැනෙ.ඒ විදිහටම තමයි යන්නෙ.
”ඒත් ඉතිං ගෙදර ඉන්න පාළු ඇති.” තව කෙනෙක් කිව්වා.ඔව් සාක්කුවට තනිකම පාළුව දැනෙනවා ඇති.පිරිලා කිටි කිටියෙ නෝට්ටු එකට ඉන්න තැනකට සාක්කුව පත් කර ගැනීමේ චරිතයකින් යුතුව එහෙම කිව්වම තවමත් සම්පූර්ණ විදිහට සාක්කුව පිරුණු දෙතුන් දෙනෙක් නිවන් පලයක් අනුමෝදන් කරගෙන වගේ සාදුකාරයක් දුන්නා.
වැස්ස නැවතුණාට,ඟං වතුර නොදැම්මට පායපු වෙලාවෙ ඟඟ ගොඩදාපු වෙලාවෙ දැණුන හීතල තවමත් හිතේ ඇති මඟෙ හිතේ.ඒ නිසා පේන හීන වෙන්නැති කියලා අවදි වෙලා බැලුවම මෙන්න යකෝ ශ්‍රී ලංකාව බංගලියන්ට හෑබෑටම පැරදිලා.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan