දිවුරුම් දෙනකල් ඉන්න බෑ – ඇමති වටගල බල්තසාර් එක්ක වැඩට බහී. සජබෙනුත් මන්ත්‍රීලා ගන්න බවට ඉඟියක් ?

Date:

කොළඹ නගරාධිපති ධුරය ගැන සිහින දකින්නට විපක්ෂයට අයිතියක් ඇති නමුත් ජුනි 16 වනදා අනිවාර්යයෙන්ම එම ධුරයෙහි දිවුරුම් දෙන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

“අපට දැන් නගරාධිපතිනිය ලෙස දිවුරන්න තව දවස් නවයක් දහයක් තියෙනවා. අපට එතකල් ඉන්න බෑ. දැන් මේ වැඩ ටික පටන් ගන්න ඕනෙ. ඡන්ද සටනේ කොහෙවත් හිටියෙ නෑ ඒගොල්ලන්ගෙ නගරාධිපති කෙනෙක්. රීසා සරූක්ට එරෙහිව අද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් විභාග වෙමින් යනවා. මේ පාර්කින්වලට අදාළව. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා මේක පිටිපස්සේ. එයා ගැනත් හොයලා බලන්න. එයාගෙත් සමාගම් තියෙනවා. මේ සියල්ල දැන් අල්ලස් කොමිසමේ හෙළිදරව් වෙමින් යනවා”

ප්‍රශ්නය – දැන් ඔබලාට සහාය දෙන 11 දෙනා කවුද ?

“ස්වාධීන කණ්ඩායම් තමයි අපට සෘජුව සහයෝගය දෙන්නෙ. ඊට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරන අයත් වෙලාවට වැඩේ දෙන්නම් කියලා තියෙනවා”

ප්‍රශ්නය – සර්වජන බලය කිව්වා ඔවුන් තවම තීරණය කරලා නැහැ කියලා. ඔබතුමන්ලා එක්ක සාකච්ඡා කරලා තියෙනවාද ?

“මන්ත්‍රීවරුන් ලෙස අපත් සමග ලියාපදිංචි දේශපාලන පක්ෂවල උදවිය සාකච්ඡා කරලා තියෙනවා. ඒ කෙනාව සුදුසු නම් අපි ගන්නවා”

ප්‍රශ්නය – විපක්ෂය කියනවා මේ සැරේ අනිවාර්යයෙන්ම කොළඹ බලය පිහිටුවනවා කියලා ?

“මෙහෙමයි, හීනෙන් නගරාධිපති වෙන්න පුළුවන්. ඒ අයිතිය කාටත් තියෙනවා. ඇත්ත නගරාධිපති තමයි මේ ඔයගොල්ලො ඉස්සරහා හිටගෙන ඉන්නෙ. ඔය 29 වත් ඉතුරු වෙන්නෙ නෑ හොඳේ …”

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයට කොළඹ නගරසභාව ස්ථිරයිද ?

“බඩේ බත් වගේ විශ්වාසයි”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ව්‍රායි කැලී බල්තසාර් සමග ඊයේ (07) කොළඹ කිඹුලා ඇල පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...