චීන පොහොර නැවේ වංචාව : ශෂීන්ද්‍රලා, මහින්දානන්දලා, අමරවීරලා ඔක්කොම වගකියන්න ඕනේ – ඇමති නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ගෙන්වීමේ සිද්ධියට ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ සහ මහින්ද අමරවීර යන හිටපු අමාත්‍යවරුන් ද වගකිවයුතු බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“පැය 07ක් තිස්සේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මොන මොනවා ඇහුවාද කියන එක අපට හිතාගන්න පුළුවන් නෙ. පැය 07ක් තිස්සේ ඕකෙ මේ ටිංකිරි ගෑවෙ නෑනෙ. දාම් ඇද්දෙ නෑනෙ, කැරම් ගැහුවෙ නෑනෙ. දාම් ඇදපු, කැරම් ගහපු කට්ටිය දැන් ඇතුළට ගිහිල්ලානෙ. මේ පොහොර ක්‍රියාවලිය ඇතුළෙ රටට මහා විනාශයක් කෙරුවා, ඒ හින්දා ඔය ශෂීන්ද්‍ර රාජපක්ෂලා, මහින්දානන්දලා, මහින්ද අමරවීලා ඇතුළු ඔය ඔක්කොම මේකට වගකියන්න ඕනෙ. මහින්ද අමරවීරටත් මේකෙන් ඇඟ බේරාගන්න බෑ. මොකද එයාත් ඔය කැබිනට් මණ්ඩලයේ හිටියා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...